පොල් කාණ්ඩ තුනක් යටතේ ආනයනය කිරීම ගැන සාකච්ඡාවක්

පොල්ගෙඩි මිලියන 200 ක ප්‍රමාණයකට සරිලන පරිදි පොල් කිරි, පිටි සහ ශීතකළ පොල් මද යන කාණ්ඩ තුන යටතේ ආනයනය කිරීමට අවසර දෙනු ලබන්නේ ප්‍රති අපනයන කටයුතු සඳහා පමණක් බව වැවිලි සහ ප්‍රජා යටිතල පහසුකම් අමාත්‍යංශය පවසනවා.

මේ අතර රුසියාව නොමිලේ ලබාදුන් පොහොර පොල් වගාවට යොදාගැනිම කෙරෙහිද අවධානය යොමුවුණා.

පොල් මද ආනයනය කිරීම සම්බන්ධයෙන් සාකච්ඡාවක් කර්මාන්ත අමාත්‍යංශයේදී පැවැත්වුණා.

වැවිලි සහ ප්‍රජා යටිතල පහසුකම් අමාත්‍යංශය , කර්මාන්ත අමාත්‍යංශය , පොල් පර්යේෂණ ආයතනය , පොල් වගා කිරීමේ මණ්ඩලය  , පොල් සංවර්ධන අධිකාරිය සහ පොල් සම්බන්ධයෙන් කටයුතු කරන ශ්‍රි ලංකා පොල් කර්මාන්ත මණ්ඩලයේ සහභාගිත්වයෙනුයි සාකච්ජාව පැවැත්වුණේ.

මෙම පොල් හිඟ කාලයේදී පොල් ගෙඩි මිලියන 200ක් ආනයනය කිරීම සිදුවන්නේ පොල් කිරි , පිටි සහ සීතකල පොල් මද යන කාණ්ඩ 3 යටතේ බවයි මෙහිදි ප්‍රකාශ කෙරුණේ.

මේ සම්බන්ධයෙන් සාකච්ජා කිරීමට වැවිලි කර්මාන්ත හා කර්මාන්ත යන අමාත්‍යංශ වල ලේකම්වරුන්ගේ ප්‍රධානත්වයෙන් කමිටුවක් පත්කර තිබෙනවා.

එම කමිටුවේ මුලිකත්වයෙනුයි ඉදිරි කටයුතු සිදු කෙරෙන්නේ.

එමෙන්ම පොල්තෙල් කර්මාන්තය සඳහා කොප්පරා නොවන වියළි කළ හෝ කැබලි කළ පොල් කැබලි ආනයනයට අවශ්‍ය පියවර ගැනිමටද නියමිතයි.

මේ අතර රුසියාව මෙරටට ලබාදුන් පොහොර මෙට්‍රික් ටොන් 55,000 ක ප්‍රමාණයෙන්  50% ක් පොල් වගාව සඳහා වෙන්කර තිබෙනවා.

එම පොහොර ඉතා අඩු මුදලකට ලබාදිමටයි සැලසුම් කර තිබෙන්නේ.

අදාළ නිවේදනය පහතින්.