ජනාධිපතිතුමාට දේශපාලන වේදිකාවල කළ ප්‍රකාශයන් කණපිට හරවන්න සිදුවෙලා – නීතීඥ චමරි ප්‍රියංකා

හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂගේ කාලයේදී ධීවරයින්ට ලබාදුන් කිසිවක් වත්මන් ආණ්ඩුවෙන් ලබා නොදෙන බව නිතීඥ චමරි ප්‍රියංකා පවසනවා.

ඒ අනුව වත්මන් ධීවර අමාත්‍යවරයා ධීවරයන්ගේ ගැටලුවලට සවන්දීමට සූදානම් නොමැති බවත් ධීවරයින්ගේ ඉන්ධන සහනාධාරය සම්බන්ධයෙන් කිසිවෙක් කතා නොකරන බවයි අද (30) පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින් ඇය සඳහන් කළේ.

අවසන් වරට ජල ජීවි වගා සංවර්ධන අධිකාරියෙන් මාළු පැටියෙක් වැවකට රුපියල් 4 යි ශත 50 කට නිදහස් කළ බවත් වත්මන් අමාත්‍යවරයා චක්‍රලේඛයක් හරහා එම මුදල රුපියල් 12 ශත 50 දක්වා ඉහළ දමා ඇති බවත් මේ හේතුවෙන් ඒ ආශ්‍රිත ජනතාව පීඩාවට පත්ව ඇති බවද ඇය ප්‍රකාශ කළා.

වත්මන් ආණ්ඩුව දීලා බලන්න කියලා බලය ලබාගත් බවත් ඡන්ද දුන් ජනතාව මේ වනවිට බලා සිටින බවයි නිතීඥ චමරි ප්‍රියංකා වැඩිදුරටත් ප්‍රකාශ කළේ.