ඔස්ට්‍රේලියාවෙන් වාර්තාගත ඉනිමක්

ශ්‍රී ලංකාව හා ඔස්ට්‍රේලියාව අතර ගාල්ලේ පැවැත්වෙන පළමු ටෙස්ට් ක්‍රිකට් තරගයේ පළමු ඉනිම ක්‍රීඩාකළ ඔස්ට්‍රේලියානු කණ්ඩායම කඩුලු 6ක් දැවී ලකුණු 654ක් රැස්කර සිය ඉනිම අත්හිටුවයි.

මෙය ශ්‍රී ලංකාවට එරෙහිව ඔස්ට්‍රේලියාව ඉනිමකදී ක්‍රීඩාකළ වැඩිම ලකුණු සංඛ්‍යව ලෙසින් වාර්තා අතරට එක්වෙයි.

මීට පෙර ඔවුන්  1995 වසරේ පර්ත්හිදී පැවැති තරගයකදී   ශ්‍රී ලංකාවට එරෙහිව ක්‍රීඩාකළ තිබු ඉහළම ලකුණු සංඛ්‍යාව වන්නේ 617/5ක් රැස්කර තිබීමයි.

එමෙන්ම අද අත්හිටු වූ ඉනිමත් සමග ඔවුන් ශ්‍රී ලංකාවට එරෙහිව දෙවතාවකදී ටෙස්ට් ඉනිමක ලකුණු 600ට වැඩියෙන් ක්‍රීඩාකර තිබෙනවා.

ඔස්ට්‍රේලියානු ඉනිම ඔසවා තබමින් ආරම්භක පිතිකරු උස්මාන් කවජා ලකුණු 232ක් රැස්කිරීමට සමත්  වෙයි.

ඊට අමතරව නායක ස්ටීවන් ස්මිත් ලකුණු 141ක් හා ජොෂ් ඉන්ග්ලිස් ලකුණු 102ක් රැස්කරමින් ඔස්ට්‍රේලියානු ඉනිම ශක්තිමත්  කර තිබෙනවා.

ශ්‍රී ලංකාව වෙනුවෙන් පන්දු යැවූ සියලුම පන්දු යවන්නෝ දැඩි පහරකෑමකට ලක් වූ  අතර නමුත් ඉන් ප්‍රභාත් ජයසූරිය ලකුණු 193කට කඩුලු 3ක් හා ජෙෆ්රි වැන්ඩර්සේ ලකුණු 182කට කඩුලු 3ක් දවාගැනීමට සමත්  වෙයි

අද තරගයේ දෙවන දිනයයි.