ඊශ්‍රායල් කෘෂි රැකියා කෝටාව නැතිවුණේ පරණ රජයේ හොර වැඩ නිසා
ඊශ්‍රායල් රජයෙන් ශ්‍රී ලංකාවට ලබා දුන් කෘෂි රැකියා කෝටාව නවතා ඇත්තේ පසුගිය රජයේ දේශපාලන මැදිහත්වීමෙන් මුදල් ඉපැයීමට නුසුදුසු පුද්ගලයන් විදෙස්ගත කිරීම බව විදේශ සේවා නියුක්ති කාර්යාංශයේ සභාපති කෝසල වික්‍රමසිංහ මහතා පවසනවා.
කෘෂි කාර්මික ක්ෂේත්රයේ රැකියා අවස්ථා 10,000ක් එම රජය මෙරටට ලබා දී තිබුණ් ඉන් පිටත් කර ඇත්තේ 2200දෙනෙක් පමණක් බවත්, ඉන් එහාට ව්‍යාපෘතික ක්‍රියාත්මක කිරීමට එම රජය අකමැති වූයේ එලෙස රැකියා වෙත ගිය පුද්ගලයන්ගෙන් 80%ක්ම නිසි හැකියාව සහ පුහුණු නොමැතිකමින් රැකියා ස්ථාන වලින් පැන ගොස් යෑමත් හේතුවෙන් බවත්, සභාපතිවරයා පෙන්වා දෙනවා.
කෘෂි රැකියා සඳහා ඊශ්‍රායලයට ගිය පුද්ගලයන්ගෙන් බහුතරයට ඊට ගැලපෙන මනා සෞඛ්‍ය තත්ත්වයක්, පලපුරුද්දක් හා හැකියාවක් නොතිබුණු බව මීට පෙර අනාවරණය වී තිබුණා.
කෙසේ වෙතත් නව රජය ඊශ්‍රායලය සමග සාකච්ඡා කිරීමේ ප්‍රතිඵලක් ලෙස නව කොන්දේසි මත කෘෂි අංශයේ රැකියා අවස්ථා නැවත ලබා ගැනීමට හැකි වූ බව ඔහු වැඩිදුරටත් පැවසුවා.
එම රැකියා අවස්ථා සඳහා පුද්ගලයන් තෝරාගැනීමේ දී ශ්‍රී ලංකා යුද්ධ හමුදාවේද සහය ලබා ගන්නා බව ඔහු වැඩිදුරටත් අවධාරණය කළා.
මෙහි දී වැඩිදුරටත් අදහස් දැක්වූ කෝසල වික්‍රමසිංහ මහතා වැඩිදුරටත් පෙන්වා දුන්නේ 2023 ඊශ්‍රායලයේ රැකියා සදහා 357දෙනකු හා 2024 දී 2242 ක් ගිහින් තිබෙන බවයි.
ඒ අතරින් 80% ක්ම නිසි හැකියාව සහ පුහුණු නොමැතිකමින් රැකියා ස්ථාන වලින් පැන ගොස් ඇති බව පැවසූ ඔහු මින් ඉදිරියට නිවැරදි ක්‍රමවේදවලට විදේශ රැකියා සදහා පුද්ගලයන් තෝරා ගැනීමට කටයුතු කරන බවට ද පැහැදිළි කළා.