2025 දී 340,000කට විදේශ රැකියා අවස්ථා ලබාදීමට සැලසුම්

මෙරට පුරවැසියන් 340,000 කට මෙම වර්ෂය තුළදී විදේශ රැකියා අවස්ථා ලබාදීමට අපේක්ෂා කරන බව ශ්‍රී ලංකා විදේශ සේවා නියුක්ති කාර්යාංශය පවසනවා.

පසුගිය 2024 වසරේදී 311,000 කට විදේශ රැකියා ලබාදී ඇති අතර, එය මෙම වසරේදී 12% කින් වැඩිකරමින් මෙලෙස රැකියා අවස්ථාදීමට විදේශ සේවා නියුක්ති කාර්යාංශය සැලසුම් සකසා ඇති බවයි එම කාර්යාංශයේ සභාපති කෝෂල වික්‍රමසිංහ සඳහන් කළේ.

නියාමනයන් සිදුකොට නිවැරදිව රැකියා සඳහා ජනතාව විදේශගත කළ යුතු බවද ඔහු සඳහන් කළා.