පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ගේ ආහාරවේලක් රු 2000ක් දක්වා ඉහළට
පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ගේ දෛනික ආහාර ගැනීමේ ගාස්තුව රුපියල් 2000 දක්වා වැඩි කිරීමට පාර්ලිමේන්තුවේ ගෘහ කාරක සභාව තීරණය කර තිබෙනවා.
ඒ අනුව එය මෙතෙක් පැවතියේ රුපියල් 450 ක අගයක වන අතර මුදල රුපියල් 1550කින් ඉහළ ගොස් තිබෙන බවයි සඳහන් වෙන්නේ.
ඒ අනුව පාර්ලිමේන්තු භෝජනාගාරයේ උදේ ආහාරවේලක් රුපියල් 600ක් දක්වා ඉහළ දමා ඇති අතර දිවා ආහාර වේලක් රුපියල් 1,200ක් දක්වා ඉහළ දමා තිබෙනවා .
තේ එකක මිල රුපියල් 200කි.
කෙසේ නමුත් පාර්ලිමේන්තු කාර්ය මණ්ඩලය වෙත මෙම මිල ඉහළ දැමීම සිදු නොවන බවයි ගෘහ කාරක සභාවේ කමිටු සාමාජික නියෝජ්‍ය අමාත්‍ය ගමගෙදර දිසානායක වැඩිදුරටත් සඳහන් කළේ.