මහනුවර – මහියංගනය මාර්ගයේ ගමනාගමනය යථා තත්ත්වයට
අයහපත් කාලගුණ තත්ත්වය හේතුවෙන් ඊයේ රාත්‍රී වසා දැමුණු මහනුවර – මහියංගණය මාර්ගය යළි විවෘත කර ඇති බව වාර්තා වෙනවා.
පස්කදු සහ ගල්කඩා වැටීමේ අවදානමක් හේතුවෙන් මහනුවර – මහියංගණය ප්‍රධාන මාර්ගය ඊයේ පස්වරු 6 සිට මහනුවර, තැන්නෙකුඹුර හන්දියෙන් සහ හසලක, පාලම හන්දියෙන් වසා තැබීමට පියවර ගනු ලැබුවා.
මේ අතර නුවරඑළිය දිස්ත්‍රික්කයේ වලපනේ ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශයේ මලපට්ටාව ප්‍රදේශයේ නායයෑමක් සිදුව තිබෙනවා.
ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය සදහන් කළේ ඒ හේතුවෙන් වලපනේ සිට හගුරන්කෙත හරහා මහනුවරට ගමන් ගන්නා මාර්ගය වසා දමා ඇති බවයි.