ආපදාවෙන් දිස්ත්‍රික්ක 15කට බලපෑම්
පවතින අයහපත් කාලගුණ තත්ත්වය හේතුවෙන් දිවයිනේ දිස්ත්‍රික්ක 15 කට බලපෑම් එල්ල වී ඇති බව ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය පවසනවා.
ඒ අනුව පවුල් 6,785 කට අයත් පුද්ගලයින් 20,300 දෙනෙකු මේ වනවිට පීඩාවට පත්ව සිටින බවයි සඳහන් වෙන්නේ.
ආපදාවෙන් මියයෑම් 2 ක් සිදුව ඇති අතර පුද්ගලයින් තිදෙනෙකු විවිධ අනතුරු හේතුවෙන් තුවාල ලබා තිබෙනවා.