ධීවර හා නාවික ප්‍රජාවට අනතුරු ඇඟවීමක්
කොළඹ සිට පුත්තලම සහ මන්නාරම හරහා කන්කසන්තුරය දක්වා වූ වෙරළට ඔබ්බෙන් වන මුහුදු ප්‍රදේශ සඳහා කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව විසින් අනතුරු ඇඟවීමක් නිකුත් කර තිබෙනවා.
ඒ අනුව එම ප්‍රදේශවල සුළඟේ වේගය විටින් විට පැ.කි.මී 50-60 දක්වා වැඩි විය හැකි බවත් එම මුහුදු ප්‍රදේශ විටින් විට රළු විය හැකි බවයි එම දෙපාර්තමේන්තුව සඳහන් කළේ.
මේ හේතුවෙන් ඒ පිළිබඳව අවධානය යොමුකරන ලෙස ධීවර හා නාවික ප්‍රජාවගෙන් ඉල්ලා සිටින බවයි කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව වැඩිදුරටත් සඳහන් කරන්නේ.
අදාළ නිවේදනය පහතින්.