TikTok යෙදවුම ඇමෙරිකාව තුළ නිල වශයෙන් තහනම් වෙයි
අමෙරිකාව තුළ TikTok යෙදවුම නිල වශයෙන් තහනමට ලක් කර ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරනවා.
ඒ අනුව ඊට අදාළ පණිවිඩය අමෙරිකාවේ TikTok පරිශීලකයින්ගේ ගිණුම්වල ප්‍රදර්ශනය කර ඇති බවයි එම මාධ්‍ය වාර්තා වැඩිදුරටත් සඳහන් කරන්නේ.
අදාළ පණිවිඩයේ දැක්වෙන පරිදි ජනාධිපති ට්‍රම්ප් බලයට පත් වූ පසු ටික්ටොක් නැවත ස්ථාපනය කිරීම සඳහා විසඳුමක් සඳහා සිය සමාගම සමඟ සාකච්ඡා කරන බවට ලබාදී තිබීම වාසනාවට කාරණයක් බවත් රැඳී සිටින ලෙසයි එහි වැඩිදුරටත් සඳහන් වෙන්නේ.
ජාතික ආරක්ෂාවට පවතින තර්ජනය හේතුවෙන් අමෙරිකාව තුළ TikTok යෙදවුම තහනම් කිරීමට පියවර ගෙන තිබුණා.