ප්රදේශ කිහිපයකට නායයාම් අනතුරු ඇඟවීම් නිකුත් කෙරේ
ජාතික ගොඩනැගිලි පර්යේෂණ සංවිධානය නායයෑම් සම්බන්ධව පූර්ව අනතුරු ඇඟවීමේ නිවේදනයක් නිකුත් කර තිබෙනවා.
එම අනතුරු ඇඟවීමේ නිවේදනය අද (19) පෙරවරු 8.00 සිට හෙට පෙරවරු 8.00 දක්වා ක්රියාත්මකයි.
ඒ අනුව මහනුවර දිස්ත්රික්කයේ උඩුදුම්බර, මාතලේ දිස්ත්රික්කයේ යටවත්ත, උකුවෙල, රත්තොට, විල්ගමුව යන ප්රාදේශීය ලේකම් කොට්ඨාස කිහිපය සඳහා අවදානයෙන් සිටින ලෙස දන්වා තිබෙනවා.
එමෙන්ම බදුල්ල දිස්ත්රික්කයේ බදුල්ල, පස්සර, හාලිඇල, මහනුවර දිස්ත්රික්කයේ මැදදුම්බර, පාතදුම්බර, දොළුව, කුරුණෑගල දිස්ත්රික්කයේ රිදීගම, මාතලේ දිස්ත්රික්කයේ ලග්ගල පල්ලේගම, අඹන්ගඟ කෝරළය, පල්ලේපොල, මාතලේ සහ නාඋල යන ප්රාදේශීය ලේකම් කොට්ඨාස සඳහා විමසිලිමත්ව සිටින ලෙසයි දන්වා තිබෙන්නේ.