මුහුණට මුහුණ ගැටුණු බස් අනතුරින් තුවාල ලැබූ පිරිස තවත් ඉහළට

මාතර ගන්දර ප්‍රදේශයේ සිදුවූ රිය අනතුරින් තුවාල ලැබූ සංඛ්‍යාව තවදුරටත් ඉහළ ගොස්  තිබෙනවා  .

ඒ අනුව මේ වන විට අනතුරින් තුවාල ලැබූ සංඛ්‍යාව 61 දක්වා ඉහළ ගොස් ඇති බව මාතර ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරි විකුම් ගිනිගේ මහතා පවසයි.

අනතුරින් විදෙස් ජාතිකයෙක් සහ කුඩා ළමුන් තිදෙනෙකු ද තුවාල ලබා රෝහල් ගත කර ඇති බවයි සඳහන් වෙන්නේ.

මාතර – තංගල්ල ප්‍රධාන මාර්ගයේ ගන්දර තලල්ල ප්‍රදේශයේදී බස් රථ දෙකක් මුහුණට මුහුණ ගැටී මෙම අනතුර අද (19) පෙරවරුවේ සිදුව තිබෙනවා.