පළාත් පාලන මැතිවරණ​ය අප්‍රේල් මුල පැවැත්වේවි – කේ.ඩී ලාල්කාන්ත

පළාත් පාලන මැතිවරණ අප්‍රේල් මුල පැවැත්වෙනු ඇති බව අමාත්‍ය කේ.ඩී ලාල්කාන්ත පවසනවා.

රජයේ බදු ප්‍රතිපත්තිය හා ආර්ථික තත්ත්වය මත රජයට අකමැත්තෙන් වුවත් සමහර තීරණ ගැනීමට සිදුවන බවයි උත්සවයක් අමතමින් අමාත්‍යවරයා සඳහන් කරනවා.

වත්මන් රජයට පැවරී ඇත්තේ කඩාවැටුණු රටක් ගොඩනැගීම බවයි අමාත්‍ය කේ.ඩී ලාල්කාන්ත වැඩිදුරටත් ප්‍රකාශ කරනවා.