ඉන්දියාවේ අදානී සමාගම සමග ගිවිසුම ගැන අධිකරණයෙන් තීරණයක්

මන්නාරම, වෙඩිතලතීවු ප්‍රදේශයේ සුළං විදුලි බල ව්‍යාපෘතියක් ගොඩනැගීම සඳහා ඉන්දියාවේ අදානී සමාගම සමග ඇති කරගෙන තිබෙන ගිවිසුම බලරහිත කිරීමේ තීන්දුවක් ලබා දෙන ලෙස ඉල්ලා ගොනුකළ රිට් පෙත්සමක් මැයි මස 23 වන දා කැඳවන ලෙස අභියාචනාධිකරණය අද (16) නියෝග කර තිබෙනවා.

ශ්‍රී ලංකා හරිත සංවිධානයේ සභාපති සංඛ චන්දිම අභයවර්ධන මහතා විසින් මෙම පෙත්සම ඉදිරිපත් කර කර තිබෙනවා.

මෙම පෙත්සම අද අභියාචනාධිකරණ විනිසුරු එම්.යූ.බී. කරලියද්ද මහතා ඉදිරියේ කැඳවා  තිබෙනවා .

එහිදී රජයේ නීතිඥවරයා සඳහන් කළේ, මෙම ව්‍යාපෘතිය සම්බන්ධයෙන් වැදගත් නඩුකර කිහිපයක් ලබන මාර්තු මස ශ්‍රේෂ්ඨාධිකරණය හමුවේ කැඳවීමට නියමිතයි.

මෙම ව්‍යාපෘතිය සම්බන්ධයෙන් අවසන් තීරණයක් ගෙන නොමැති බවත් රජයේ නීතිඥවරයා අධිකරණයට දැනුම් දී  තිබෙනවා  .

ඉන් අනතුරුව අදාළ පෙත්සම සලකා බැලීම සඳහා මැයි මස 23 වන කැඳවන ලෙස නියම  කර තිබෙනවා  .