වෙලේ සුදාට බරපතළ වැඩ සහිත සිරදඬුවම්

හෙරොයින් මත්කුඩු ජාවාරම තුළින් උපයා ගත් රුපියල් කෝටි ගණනක දේපළ සම්බන්ධයෙන් මුදල් විශුද්ධිකරණය වැළැක්විමේ පනත යටතේ ගොනුකර තිබු චෝදනා වලට වැරදිකරු කෙරුණු මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවෙකු ලෙස හැදින්වෙන ගම්පොළ විදානලාගේ සමන්ත කුමාර හෙවත් වෙලේසුදා ඔහුගේ බිරිඳ සහ තවත් කාන්තාවකට කොළඹ මහාධිකරණය බරපතළ වැඩ සහිතව වසර 8 බැගින් සිරදඬුවම් නියම කළා.

ඒ අනුව අදාළ දඩුවමට අමතරව විත්තිකරුවන්ට දඩමුදල් ද නියම කෙරුණු අතර නීති විරෝධි ලෙස උපයාගත් දේපළ, මුදල්, රන් භාණ්ඩ රාජසන්තක කිරීමටත් නියෝග කළා.

දීර්ඝ නඩු විභාගයකින් පසුව කොළඹ මහාධිකරණ විනිසුරු ආදිත්‍ය පටබැදිගේ මහතා විසිනුයි මෙම තීන්දුව ලබාදුන්නේ.