“ක්ලීන් ශ්‍රී ලංකා” ක්‍රියාත්මක මොහොතේ තෛයිපොංගල් සැමරීම සතුටක් – ජනපති

ලොව පුරා හින්දු බැතිමතුන් මහත් බැතියෙන් සමරන තෛපොංගල් උත්සවය අදට (14) යෙදී තිබෙනවා.

ඒ සම්බන්ධයෙන් ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා සුබ පැතුම් පණිවුඩයක් නිකුත් කර තිබෙනවා.

මෙරට ජනතාවගේ යහපැවැත්ම, සංහිඳියාව, සහජීවනය වර්ධනය කරමින් සමාජයීය ප්‍රගමනය තහවුරු කිරීමට පරිවර්තනීය මුලපිරීමක් ලෙසත්, පාරිසරික මෙන්ම ආචාර ධාර්මික නව දිශාගත වීමක් ලෙසත් “ක්ලීන් ශ්‍රී ලංකා” ව්‍යාපෘතිය ක්‍රියාත්මක කර ඇති මොහොතක තෛපොංගල් උත්සවය සමරනු ලැබීම සතුටට කරුණක් බව ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා තෛපොංගල් සුබපැතුම් පණිවිඩයක් නිකුත් කරමින් කියා සිටිනවා.

ඓතිහාසිකව ගොඬනැඟුණු ආසියානු වටිනාකම්වල මිනිසා හා පරිසරය අතර බැඳුම අවියෝජනීය එකකි. තෛපොංගල් දිනයෙන් ප්‍රකාශිත එම වටිනාකම් මේ ව්‍යාපෘතියේ සමෝධානිත බව ද එහි දැක්වෙනවා.

ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා නිකුත් කළ තෛපොංගල් දින පණිවුඩය,