අමෙරිකාවේ ලැව්ගිනි තත්ත්වය තවත් සතියක කාලයක් පැවතිය හැකි බවට අනතුරු ඇඟවීමක්

අමෙරිකාවේ පවතින දරුණු ලැව්ගිනි, තවත් සතියක පමණ කාලයක් යනතුරු පැවතිය හැකි බවට එරට බලධාරීන් අනතුරු අඟවා ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරනවා.

ඒ අනුව මේ වන විට පැලිසේඩ්ස් ප්‍රාන්තයේ තවත් ප්‍රදේශ 3 ක් දක්වා ලැව්ගිනි පැතිරෙමින් ඇති බවයි සඳහන් වෙන්නේ.

ආරක්ෂිත ස්ථාන කරා යොමුකර ඇති පුද්ගලයින් සංඛ්‍යාව, 140,000 කට අධික බවත් වාර්තා වී ඇති මරණ සංඛ්‍යාව, 11 ක් බවයි වැඩිදුරටත් සඳහන් වෙන්නේ.