ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරුවරු සිව්දෙනෙක් දිවුරුම් දෙයි
නව ශ්‍රේෂ්ඨාධිකරණ විනිශ්චයකාරවරු සිව්දෙනෙක් ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා ඉදිරියේ ජනාධිපති කාර්යාලයේදී අද (12) පෙරවරුවේ දිවුරුම් දෙයි.
ඒ අනුව අභියාචනාධිකරණ විනිශ්චයකාරවරුන් වන ආර්.එම්.එස්.රාජකරුණා මහතා, මේනකා විජේසුන්දර මහත්මිය, සම්පත් බී. අබේකෝන් මහතා සහ එම්.එස්.කේ.බී.විජේරත්න මහතා ජනාධිපතිවරයා ඉදිරියේ මෙලෙස නව ශ්‍රේෂ්ඨාධිකරණ විනිශ්චයකාරවරුන් ලෙස දිවුරුම් දෙයි .
ජනාධිපති ලේකම් ආචාර්ය නන්දික සනත් කුමානායක මහතාද මෙම අවස්ථාවට එක්ව ඇත.