නීතිඥ සංගමයෙන් ජනපතිට ලිපියක්
ශ්‍රී ලංකා නීතිඥ සංගමය විසින් ශ්‍රේෂ්ඨාධිකරණයට විනිසුරුවරුන් පත් කිරීම සම්බන්ධයෙන් එම සංගමයට ඇති ගැටළු සහගත තත්ත්වයන් ගෙනහැර දක්වමින් ජනාධිපති අනුර කුමාර දිසානායක වෙත ලිපියක් යොමු කර තිබෙනවා.
පත්වීම්වලදී විනිවිදභාවය, කුසලතාවය, නීතිමය සහ සදාචාරාත්මක ප්රමිතීන් පිළිපැදීමේ වැදගත්කම එම ලිපියෙහි දක්වා තිබෙනවා.
අධිකරණ පද්ධතිය කෙරෙහි මහජන විශ්වාසය පවත්වා ගැනීම සඳහා විනිසුරුවරුන් පත් කිරීමේ ක්‍රියාවලිය ජ්‍යෙෂ්ඨත්වය, සුදුසුකම් සහ කුසලතාව මත පදනම් විය යුතු බවත් එහි වැඩිදුරටත් සඳහන්.
එම ලිපිය පහතින් දැක්වෙනවා.