අල්ලස් කොමිසමට නව අධ්යක්ෂ ජනරාල්වරයෙක් පත් කෙරේ
අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාවේ නව අධ්යක්ෂ ජනරාල්වරයා ලෙස මහාධිකරණ විනිසුරු රංග ශ්රීනාත් අබේවික්රම මහතා පත්කර තිබෙනවා.
ඒ, 2023 අංක 9 දරන දුෂණ විරෝධී පනතේ 17 (1) වගන්තිය මඟින් ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා වෙත පැවරී ඇති බලතල ප්රකාරවයි.
අද (10) දින සිට ක්රියාත්මක වෙන පරිදි අදාළ පත්කිරීම සිදුකර තිබෙනවා.