Clean Sri Lanka වැඩසටහන පිළිබඳව දෙදින පාර්ලිමේන්තු විවාදයක්
Clean Sri Lanka වැඩසටහන පිළිබඳව දින 2ක පාර්ලිමේන්තු විවාදයක් පැවැත්වීමට තීරණය කර තිබෙනවා.
ඒ අනුව ජනවාරි 21 සහ 22 දිනයන්වලදී මෙම විවාදය පැවැත්වීමට නියමිත වනවා.
Clean Sri Lanka වැඩසටහන පිළිබඳ ඇතිව තිබෙන සංවාදය හේතුවෙන් ජනතාවට ඒ ගැන අවබෝධයක් ලබා ගැනීම සඳහා මෙම විවාදය පවත්වන බව බව අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය මෙනවිය සඳහන් කළා.
-චම්ලි බලල්ල-