අතරමග නතරකර ඇති නිවාස යෝජනා ක්‍රම යළි ​ආරම්භ කිරීමට අවධානය

අතරමග නතර කර ඇති නිවාස යෝජනා ක්‍රමවල ඉදිකිරීම් යළි ආරම්භ කරන බව, නාගරික සංවර්ධන, ඉදිකිරීම් හා නිවාස අමාත්‍යාංශය පවසනවා. ඒ අනුව සෑම පුද්ගලයෙකුටම නිවසක හිමිකම ලබාදීම එහි අරමුණ බවයි එහි ලේකම් රංජිත් ආරියරත්න මහතා සඳහන් කළේ. ප්‍රමුඛතාව මත අදාළ ව්‍යාපෘති ක්‍රියාත්මක කරන බවද ඔහු සඳහන් කළා. ජන හා නිවාස සංගණනයේ ද දත්ත පදනම් කරගනිමින් අදාළ ප්‍රදේශ ආවරණය වන පරිදි නිවාස ව්‍යාපෘති දියත් කරන බව, ලේකම්වරයා වැඩිදුරටත් ප්‍රකාශ කළා.

අතරමග නතර කර ඇති නිවාස යෝජනා ක්‍රමවල ඉදිකිරීම් යළි ආරම්භ කරන බව, නාගරික සංවර්ධන, ඉදිකිරීම් හා නිවාස අමාත්‍යාංශය පවසනවා.

ඒ අනුව සෑම පුද්ගලයෙකුටම නිවසක හිමිකම ලබාදීම එහි අරමුණ බවයි එහි ලේකම් රංජිත් ආරියරත්න මහතා සඳහන් කළේ.

ප්‍රමුඛතාව මත අදාළ ව්‍යාපෘති ක්‍රියාත්මක කරන බවද ඔහු සඳහන් කළා.

ජන හා නිවාස සංගණනයේ ද දත්ත පදනම් කරගනිමින් අදාළ ප්‍රදේශ ආවරණය වන පරිදි නිවාස ව්‍යාපෘති දියත් කරන බව, ලේකම්වරයා වැඩිදුරටත් ප්‍රකාශ කළා.