දේශිය පුවත් දිවයිනේ ප්‍රධාන ජලාශවල ජල ධාරිතාවය 86% ඉක්මවයි Shashika vimukthi 04/01/2025 පසුගිය දින කිහිපයේ දිවයිනේ ප්‍රදේශ කිහිපයකට ඇතිවූ වර්ෂාපතනය හේතුවෙන් දිවයිනේ ප්‍රධාන වැව් බොහොමයක් වාන් දමමින් පවතින බව වාරිමාර්ග දෙපාර්තමේන්තුව පවසනවා. ඒ අනුව මේ වනවිට දිවයිනේ ප්‍රධාන ජලාශ 73න් 33ක් වාන් දමමින් පවතින බවයි එම දෙපාර්තමේන්තුව සඳහන් කළේ. දිවයිනේ ප්‍රධාන ජලාශවල ජල ධාරිතාව අනුව අම්පාර දිස්ත්‍රික්කයේ 79%ක්, අනුරාධපුර දිස්ත්‍රික්කයේ 95%ක්, බදුල්ල දිස්ත්‍රික්කයේ 71%ක්, මඩකළපුව, මොණරාගල, ත්‍රිකුණාමලය සහ මන්නාරම දිස්ත්‍රික්කවල 82%ක්, හම්බන්තොට දිස්ත්‍රික්කයේ 91%, ගාල්ල, මහනුවර, කුරුණෑගල, පොළොන්නරුව, පුත්තලම යන දිස්ත්‍රික්කවල 98%ක් වශයෙන් සටහන් වී ඇති බව එම දෙපාර්තමේන්තුව සඳහන් කර සිටිනවා. ඒ අනුව දිවයිනේ සමස්ත ප්‍රධාන ජලාශවල ජල ධාරිතාවය 87.6%ක් බවට පත්ව ඇති බවයි එම දෙපාර්තමේන්තුව වැඩිදුරටත් ප්‍රකාශ කළේ. පසුගිය දින කිහිපයේ දිවයිනේ ප්‍රදේශ කිහිපයකට ඇතිවූ වර්ෂාපතනය හේතුවෙන් දිවයිනේ ප්‍රධාන වැව් බොහොමයක් වාන් දමමින් පවතින බව වාරිමාර්ග දෙපාර්තමේන්තුව පවසනවා.ඒ අනුව මේ වනවිට දිවයිනේ ප්‍රධාන ජලාශ 73න් 33ක් වාන් දමමින් පවතින බවයි එම දෙපාර්තමේන්තුව සඳහන් කළේ.දිවයිනේ ප්‍රධාන ජලාශවල ජල ධාරිතාව අනුව අම්පාර දිස්ත්‍රික්කයේ 79%ක්, අනුරාධපුර දිස්ත්‍රික්කයේ 95%ක්, බදුල්ල දිස්ත්‍රික්කයේ 71%ක්, මඩකළපුව, මොණරාගල, ත්‍රිකුණාමලය සහ මන්නාරම දිස්ත්‍රික්කවල 82%ක්, හම්බන්තොට දිස්ත්‍රික්කයේ 91%, ගාල්ල, මහනුවර, කුරුණෑගල, පොළොන්නරුව, පුත්තලම යන දිස්ත්‍රික්කවල 98%ක් වශයෙන් සටහන් වී ඇති බව එම දෙපාර්තමේන්තුව සඳහන් කර සිටිනවා.ඒ අනුව දිවයිනේ සමස්ත ප්‍රධාන ජලාශවල ජල ධාරිතාවය 87.6%ක් බවට පත්ව ඇති බවයි එම දෙපාර්තමේන්තුව වැඩිදුරටත් ප්‍රකාශ කළේ. Continue Reading Previous තානාපතිවරු සහ මහ කොමසාරිස්වරු පත්කිරීම ගැන අමාත්‍යංශයෙන් දැනුම්දීමක්Next Next Post More Stories දේශිය පුවත් වන අලින් අධ්‍යයනයට GPS තාක්ෂණය යොදා ගැනීමට පියවර Shashika vimukthi 06/01/2025 දේශිය පුවත් තානාපතිවරු සහ මහ කොමසාරිස්වරු පත්කිරීම ගැන අමාත්‍යංශයෙන් දැනුම්දීමක් Shashika vimukthi 04/01/2025 දේශිය පුවත් බෑ බෑ කියපු කට්ටියත් කිරිබත් කාල තිබුණා – වසන්ත සමරසිංහ Shashika vimukthi 04/01/2025