නිලන්ති කොට්ටහච්චි මන්ත්‍රීවරියට සමාජ මාධ්‍ය හරහා අපහාස කළ හිටපු මන්ත්‍රීවරයෙක් අත්අඩංගුවට
මිල්ලනිය ප්‍රාදේශීය සභාවේ හිටපු මන්ත්‍රීවරයෙකු වන රවීන්ද්‍ර නවමුණි අත්අඩංගුවට ගෙන තිබෙනවා.
පාර්ලිමේන්තු මන්ත්‍රීනි නිලන්ති කොට්ටහච්චිට අපහාස වන ආකාරයෙන්, සමාජ මාධ්‍ය ඔස්සේ පලකිරීම් සිදුකිරීමේ චෝදනාවක් සම්බන්ධයෙන් ඔහු අත්අඩංගුවට ගෙන ඇති බවයි සඳහන් වෙන්නේ.
අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් අද (03) පෙරවරුවේ බටගොඩ පිහිටි ඔහුගේ නිවසේදී මෙලෙස ඔහුව අත්අඩංගුවට ගෙන ඇති බවයි සඳහන් වෙන්නේ.