ධූරය අහිමි වූ දකුණු කොරියානු ජනපති අත්අඩංගුවට ගැනීමට වරෙන්තුවක්

දෝෂාභියෝගයෙන් ධූරය අහිමි වූ දකුණු කොරියානු ජනාධිපති යුන් සුක් යෝල් අත්අඩංගුවට ගැනීමට සෝල් අධිකරණයක් විසින් වරෙන්තු නිකුත් කර ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කර තිබෙනවා.
​අධිකරණය මගහැරීමේ චෝදනාව මත මෙම වරෙන්තු නිකුත් කර ඇති බවයි එම මාධ්‍ය වාර්තා සඳහන් කළේ.
රට තුළ යුධ නීතිය ස්ථාපිත කිරීමට ගත් තීරණය සම්බන්ධයෙන් දකුණු කොරියානු ජනාධිපතිවරයාට එරෙහිව දෝෂාභියෝගයක් ඉදිරිපත් වූ අතර එය පරාජයට පත්වීමත් සමග පසුගියදා ඔහුට සිය ධූරය අහිමි වුණා.