විදුලි ගාස්තු සංශෝධනය සඳහා මහජන අදහස් ලබා ගැනීම හෙට සිට

විදුලි ගාස්තු සංශෝධනය සඳහා මහජන අදහස් ලබා ගැනීම හෙට සිට

විදුලි ගාස්තු සංශෝධන යෝජනාව සඳහා මහජන අදහස් ලබා ගැනීමේ කටයුතු හෙට (17) දිනයේ සිට ආරම්භ කරන බව ශ්‍රී ලංකා මහජන උපයෝගීතා කොමිෂන් සභාව පවසයි.

අදාළ යෝජනා විදුලි ගාස්තු පිළිබඳ මහජන උපදේශනය, ශ්‍රී ලංකා මහජන උපයෝගීතා කොමිෂන් සභාව, 6 වන මහල, ලංකා බැංකු වෙළෙඳ කුලුන, කොළඹ 03 යන ලිපිනයට මෙන්ම info@pucsl.gov.lk යන විද්‍යුත් තැපෑල ඔස්සේ හෝ වට්ස්ඇප් අංක07642 71030  හරහා අදහස් හා යෝජනා ඉදිරිපත් කළ හැකිය.

එමෙන්ම මහජන උපයෝගීතා කොමිසමට පැමිණ හෝ පළාත් මට්ටමෙන් වෙන්කර ඇති ස්ථානවල දී අදහස් ඉදිරිපත් කළ හැකි ාඅතර  මෙම කටයුතු ජනවාරි 08වනදා දක්වා සිදුකිරීමට නියමිතය.

නව වසරේ මුල් මාස 06 කාලය සඳහා විදුලි ගාස්තු සංශෝධනයකින් තොරව පවත්වාගෙන යා යුතු බවට විදුලි බලමණ්ඩලය යෝජනා කර තිබු හෙයින් එම යෝජනාව මහජන උපයෝගිතා කොමිෂන් සභාව විසින් සමාලෝචනයකට ලක්කිරීමට තීරණය කර ඇති අතර එම යෝජනා ඇතුළත් කෙටුම්පත මහජන අදහස් සඳහා ප්‍රදර්ශනය කිරීමට ද නියමිතය.

ලංකා විදුලි බලමණ්ඩලය ඉදිරිපත් කර ඇති විදුලි ගාස්තු සංශෝධන යෝජනාව පිළිබඳ අවසන් තීරණය ලබන වසරේ ජනවාරි මස 17වනදා දැනුම් දීමට නියමිත බව මහජන උපයෝගිතා කොමිෂන් සභාව සඳහන් කළේය.