මීළඟට නම්කරන කථානායකවරයා පිළිබඳව ද විශ්වාසයක් නැහැ
මීළඟට නම්කරන කථානායකවරයා පිළිබඳව ද විශ්වාසයක් නැහැ
කථානායක ධුරය සඳහා විපක්ෂයෙන් ද නමක් යෝජනා කරන බව සමගි ජන බලවේගය පක්ෂයේ පාර්ලිමේන්තු මන්ත්‍රී නලින් බණ්ඩාර මහතා පවසයි.
ජාතික ජන බලවේගය පක්ෂයෙන් මීළඟට නම්කරන කථානායකවරයා පිළිබඳව ද විශ්වාසයක් නැති බවත් එබැවින් නැවත වරක් රැවටීමට නොහැකි බවත් ඒ මහතා සඳහන්
කරයි.
අශෝක රංවල මහතා කථානායක ධුරයට නම්කරන මොහොතේ විපක්ෂය සහාය පළ කළේ ඔහු කෙරෙහි විශ්වාසය තබා වුවත් ඔහු සහ මාලිමාව එම විශ්වාසය පලුදු කළ බව ද නලින් බණ්ඩාර මහතා කීවේය. ඔහු ජනතාව නොමග යවා ඇති බැවින් කථානායක ධුරයෙන්
පමණක් නොව පාර්ලිමේන්තු මන්ත්‍රී ධුරයෙන් ද ඉවත් විය යුතු බව ද ඒ මහතා සඳහන් කළේය. ලබන 17 වැනිදා පාර්ලිමේන්තුව රැස්වී නව කථානායකවරයකු තෝරාගැනීම සඳහා නම් යෝජනා කරන විට විපක්ෂයෙන් ද ඒ සඳහා නමක් යෝජනා කරන බව නලින් බණ්ඩාර මහතා වැඩිදුරටත් සඳහන් කළේය. ඒ මහතා මේ බව පැවසුවේ ඊයේ (15දා) කොළඹ පැවැති
මාධ්‍ය හමුවකදී ය.