ලොව ළාබාලතම චෙස් ලෝක ශූරයා ඉන්දීය යොවුන් ක්‍රීඩක ගුකේෂ් දොමරජු

ලොව ළාබාලතම චෙස් ලෝක ශූරයා ඉන්දීය යොවුන් ක්‍රීඩක ගුකේෂ් දොමරජු

ඉකුත් බ්‍රහස්පතින්දා සිංගප්පූරුවේදී පැවැති ලෝක චෙස් ශූරතාවලියේ ජයග්‍රාහකයා බවට ඉන්දීය යොවුන් ක්‍රීඩක ගුකේෂ් දොමරජු පත්විය.

ඉකුත් බ්‍රහස්පතින්දා පැවැති අවසන් තරඟයට වත්මන් ලෝක ශූර චීනයේ ඩිං ලිරන් සමඟ තරඟ කර අතර තරඟයට සහභාගී වී ඉන් ජය ලබනා විට ඔහුගේ වයස අවුරුදු 18 කි.

ලෝක චෙස් සම්මේලනය මගින් පැවැත්වූ ලෝක චෙස් ශූරතාවලියේ ජයග්‍රාහකයා සඳහා හිමිවන ත්‍යාග මුදල අමෙරිකානු ඩොලර් මිලියන 2.5 කි.

ගුකේෂ්ගේ ජයග්‍රහණය වෙනුවෙන් ලොව පුරා සිටින විශේෂ පුද්ගලයින් රැසක් සුබ පැතුම් එක් කර තිබේ. ඒ අතර ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි, සුපිරි ක්‍රිකට් ක්‍රීඩක සචින් තෙන්දුල්කාර්, තමිල්නාඩු ප්‍රධාන අමාත්‍ය එම් කේ ස්ටාලින් මෙන්ම ලොව ධනවත්ම පුද්ගලයා වන එලෝන් මස්ක් ද සිටියි.

ඉකුත් බ්‍රහස්පතින්දා පැවැති අවසන් තරඟයට සහභාගී වී ඉන් ජය ලබාගත් ගුකේෂ් දොමරජු ලොව ළාබාලතම චෙස් ලෝක ශූරයා බවට පත්විය