පැන්ඩෝරා වාර්තාව නැවත කරලියට
පැන්ඩෝරා වාර්තාව නැවත කරලියට
පැනමා පැන්ඩෝරා රාජ්‍ය තොරතුරු හෙළි කළ වාර්තාව අඩංගු ශ්‍රී ලාංකිකයන් පිරිසගේ
වත්කම් පිළිබඳව විමර්ශන සිදුකිරීම සඳහාජාත්‍යන්තර පොලිසියේ සහය ලබාගන්නා බව රහස් පොලිසිය පවසයි.
මේ පිළිබඳව අවශ්‍ය ලිපි කඩිනමින් මෙහි ගෙන්වා ගැනීම සඳහා රහස් පොලිසිය දැනටමත් සාකච්ඡා කරගෙන යන බවද එහි අධ්‍යක්‍ෂිකා ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරි ඉමාෂා මුතුමාලා මහත්මිය ‘දිවයින ඉරිදා සංග්‍රහය’ ට පැවසුවාය.
පැන්ඩෝරා වාර්තාවේ දැක්වෙන අන්දමට මෙහි ශ්‍රී ලංකාවේ දේශපාලනඥයන් මෙන්ම ව්‍යාපාරිකයන් කිහිපදෙනකුගේ ද නම් අඩංගු වී තිබේ.
මේ අනුව මෙම වාර්තාවේ අඩංගු සියලුම තොරතුරු ලබාගෙන නිසි ආකාරයට විමර්ශන දියත් කරන බව රහස් පොලිසිය කියයි. පැනමා පැන්ඩෝරා වාර්තාවසකස් කර ඇත්තේ ජාත්‍යන්තර මාධ්‍යවේදීන්කණ්ඩායමකි.
Diwaina – නෝමන් පලිහවඩන