ජනාධිපති අනුර කුමාර දිසානායක අද ඉන්දියාවට
ජනාධිපති අනුර කුමාර දිසානායක අද ඉන්දියාවට
ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා සිය පළමු නිල සංචාරය ලෙස අද (15දා) ඉන්දියාව බලා පිටත්ව යෑමට නියමිතය. 17 වැනිදා දක්වා එරට ගතකරන ජනාධිපතිවරයා ඉන්දීය
අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි මහතා හමුවී ද්විපාර්ශ්වික සාකච්ඡා පැවැත්වීම සහ ඉන්දීය ජනාධිපති ඩ්‍රොව්පදි මුර්මු මහත්මිය හමුවී සාකච්ඡා පැවැත්වීමට නියමිතය. ඊට අමතරව ඉන්දීය ආයෝජකයන් පිරිසක්ද නවදිල්ලි නුවරදී හමුවී ආයෝජන ප්‍රවර්ධනය සම්බන්ධව සාකච්ඡා කිරීමට සැලසුම් කර ඇත. මෙම සාකච්ඡාවලට අමතරව ජනාධිපතිවරයා බුද්ධගයාවේ ද සංචාරයක නිරතවීමට නියමිතය.
ජනාධිපතිවරයා සමග විදේශ, සංචාරක සහ විදේශ රැකියා අමාත්‍ය විජිත හේරත්, ප්‍රවාහන, මහා මාර්ග, වරාය හා සිවිල් ගුවන් සේවා අමාත්‍ය බිමල් රත්නායක යන මහත්වරුන් ද මෙම නිල සංචාරය සඳහා සහභාගිවීමට නියමිතය