හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාගේ ආරක්ෂාව අඩු කිරීමට හේතුව
හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා ඇතුළු හිටපු ජනාධිපතිවරුන්ගේ ආරක්ෂාව අඩු කර ඇති බවට ජනමාධ්‍ය මඟින් පල වූ පුවතක් පිළිබඳව කරුණු පැහැදිලි කිරීම පොලිස් මූලස්ථානය
හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාගේ ආරක්ෂාව සඳහා යොදවා සිටි ආරක්ෂක නිලධාරීන් සංඛ්‍යාව අඩුකර ඇති බවත්, එමඟින් හිටපු ජනාධිපතිතුමා වෙත යම් ර්තජනයක් හෝ හානියක් සිදු වුවහොත් එහි වගකීම අදාල අංශ භාර ගතයුතු බවටත් මේ දිනවල ජනමාධ්‍ය ඔස්සේ පුවතක් සංසරණය වෙමින් පවතී.
වත්මන් රජයේ ප්‍රතිපත්ති ප්රකාශනයෙහි දක්වා ඇති විශ්‍රාමික ජනාධිපතිවරුන්ගේ වරප්‍රසාද අහෝසි කිරීම යන ප්‍රතිපත්තිමය තීරණයට අනුව කටයුතු කරමින් රජය විසින් ප්‍රභූ ආරක්ෂාව සඳහා නිලධරයන් අනුයුක්ත කිරීම සම්බන්ධයෙන් ක්‍රියා කිරීමට පත් කර ඇති කමිටුව මඟින් හිටපු ජනාධිපතිවරුන්ගේ ආරක්ෂක තක්සේරු වාර්තා සහ ඒ සඳහා ශ්‍රී ලංකා පොලිසිය දරන වැය බර සමාලෝචනයට ලක් කර ඇත.
හිටපු ජනාධිපතිවරුන්ගේ ආරක්ෂක කටයුතු ආවරණය කිරීම සඳහා අනුයුක්ත කර සිටින පොලිස් නිලධාරීන්ගේ වැය බර වාර්ෂිකව රුපියල් මිලියන 1100 ක් වන බව නිරීක්ෂණය කර ඇත. එහිදී, හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාගේ ආරක්ෂාව වෙනුවෙන් වාර්ෂිකව මිලියන 326 කට වැඩි වැය බරක් දරනු ලබයි.
ඒ අනුව, මහින්ද රාජපක්ෂ මහතා ඇතුළු හිටපු ජනාධිපතිවරුන් සඳහා ආරක්ෂක නිලධාරීන් සංඛ්‍යාව 60 ක් දක්වා සංශෝධනය කර පවත්වාගෙන යාමට තීරණය කර ඇති අතර එම සංඛ්‍යාවට අමතරව වරින් වර කමිටුව රැස් වී තක්සේරු වාර්තා කැඳවා නිලධාරීන් සංඛ්‍යාව අඩු කිරීමට හෝ වැඩි කිරීමට කටයුතු කරන අතර හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා ඇතුලු හිටපු ජනාධිපතිවරුන්ගේ ආරක්ෂාව සඳහා සන්නද්ධ සේවාවල සමාජිකයින්ද යොදවා ඇත.