මාංචු කුට්ටම යතුරක් සමඟ මිදිගම රුවන් බැලීමට පැමිණි පුද්ගලයෙක් අත්අඩංගුවට
මාංචු කුට්ටම යතුරක් සමඟ මිදිගම රුවන් බැලීමට පැමිණි පුද්ගලයෙක් අත්අඩංගුවට
නව මැගසින් බන්ධනාගාරයේ රඳවා සිටින විශේෂ ගණයේ සැකකරුවකු වන මිදිගම රුවන් නැමැති අපරාධකරුව බැලීම සඳහා පසුගිය 12 වනදා යුවලක් පැමිණ තිබූ අතර ඇති වූ සැකයක් මත බන්ධනාගාර නිලධාරීන් විසින් පිරිමි පුද්ගලයාව පරීක්ෂා කර තිබිණි.
එහිදී ඔහුගේ මුදල් පසුම්බිය තුළ සඟවා තිබූ මාංචු යතුරක් හමුව තිබේ. ඔහුගෙන් සිදුකළ මූලික ප්‍රශ්න කිරීම්වලදී ඔහු පවසා ඇත්තේ, තමන් කලක් පොලිස් සේවයේ නිරත වූවකු බවය එමෙන්ම ඔහු සමග පැමිණි කාන්තාව මිදිගම රුවන් සමග සමීප සබඳතාවක් පවත්වා ඇති බව අනාවරණ වී ඇත.
සැකකරු වැඩිදුර විමර්ශන සඳහා බොරැල්ල පොලිසියට භාරදී තිබේ.