තරු පන්තියේ හෝටල් සහ ආපනශාලා සඳහා පමණක් සුරාබදු බලපත්‍ර නිකුත් කරයි
තරු පන්තියේ හෝටල් සහ ආපනශාලා සඳහා පමණක් සුරාබදු බලපත්‍ර නිකුත් කරයි
ඇති වී තිබූ මතභේදාත්මක තත්ත්වය පිළිබඳව අවධානය යොමු කර, මුදල් අමාත්‍යවරයාගේ නියෝග මත සියලුම සිල්ල රට මත්පැන් විකිණීමේ නව බලපත්‍ර නිකුත් කිරීම අත්හිටුවීමට සුරා බදු දෙපාර්තමේන්තුව පියවර ගන්නා ලද අතර සංචාරක කර්මාන්තයේ ප්‍රවර්ධනය සඳහා සංචාරක මණ්ඩලය විසින් අනුමත කරනු ලබන තරු පන්තියේ හෝටල් සහ ආපනශාලා සඳහා බලපත්‍ර නිකුත් කිරීම කෙරෙහි සුරාබදු දෙපාර්තමේන්තුවේ අවධානය යොමු වී ඇති බව සුරාබදු දෙපාර්තමේන්තුව පවසයි.
ඒ අනුව මුදල් අමාත්‍යංශය සමඟ සාකච්ඡා කර, සංචාරක මණ්ඩලයේ අනුමැතිය සහ අදාල අනෙකුත් සුදුසුකම් සහිත හෝටල් සහ ආපනශාලා සඳහා සුරාබදු දෙපාර්තමේන්තුවේ නිර්ණායක වලට අනුකූලව, මුදල් අමාත්‍යවරයාගේ අනුමැතිය මත නව මත්පැන් බලපත්‍ර නිකුත් කිරීමට ඉදිරියේදී පියවර ගන්නා බව සුරා බදු දෙපාර්තමේන්තුව දන්වා සිටී.