වැසි සහිත කාලගුණය හේතුවෙන් සිදුවූ වගා හානි පිළිබඳව හෙට දිනයට පෙර දැනුම් දෙන්න

වැසි සහිත කාලගුණය හේතුවෙන් සිදුවූ වගා හානි පිළිබඳව හෙට දිනයට පෙර දැනුම් දෙන්න

පසුගිය දිනවල පැවති අධික වැසි සහිත කාලගුණය හේතුවෙන් සිදුවූ වගා හානි පිළිබඳව හෙට (10) දිනයට පෙර දැනුම් දෙන්නැයි කෘෂිකාර්මික හා ගොවිජන රක්ෂණ මණ්ඩලය ගොවි ජනතාවට දැනුම් දෙනවා. මේ තත්ත්වය නිසා මහ කන්නයේ අස්වැන්න 10% ක පමණ ප්‍රමාණයක් අඩුවිය හැකි බවයි සඳහන් වෙන්නේ.

මහ වැසි හේතුවෙන් විනාශ වූ බවට සැලකෙන ගොවි බිම් ප්‍රමාණය අක්කර 390,000 කට වැඩි බවයි සඳහන් වෙන්නේ.

අම්පාර, මොණරාගල, මඩකලපුව, ත්‍රිකුණාමලය, අනුරාධපුර සහ පොළොන්නරුව දිස්ත්‍රික්කවල වගා බිම් එලෙස විනාශ වූ අතර, ඉන් වැඩිම බලපෑම සිදු වුණේ අම්පාර සහ මඩකලපුව දිස්ත්‍රික්කයේ වී වගාවට බවයි වැඩිදුරටත් සඳහන් වෙන්නේ.