නොවැම්බර් මාසයේ සංචාරක අදායම අමෙරිකානු ඩොලර් මිලියන 272.9ක්

නොවැම්බර් මාසයේ සංචාරක අදායම අමෙරිකානු ඩොලර් මිලියන 272.9ක්

පසුගිය නොවැම්බර් මාසයේදී මෙරටට සංචාරකයින් 184,158ක් පැමිණ ඇති අතර එම මාසයේ සංචාරක අදායම අමෙරිකානු ඩොලර් මිලියන 272.9ක් වටයි වාර්තා සඳහන් කරන්නේ.

ඒ අනුව, පළමු මාස එකොළහ තුළ සංචාරකයින් 1,804,873 මෙරටට පැමිණ ඇති බවටයි වාර්තා සඳහන් කරන්නේ.

තවද, මාස එකොළහක් සඳහා සංචාරක ව්‍යාපාරයෙන් අමෙරිකානු ඩොලර් මිලියන 2,806.5ක් උපයා ඇති අතර, එය පසුගිය වසරේ එම කාලයට සාපේක්ෂව සියයට 56ක වර්ධනයක් පෙන්නුම් කරනවා.

ගෝලීය ප්‍රකාශන අනුව, 2025 දී සංචාරය කිරීමට වඩාත්ම හොඳ ගමනාන්ත අතරට ශ්‍රී ලංකාව ඇතුළත් වී ඇති අතර, පැමිණීම් සහ ඉපැයීම් යන දෙකටම වඩා හොඳ වසරක් සඳහා රට සකසනු ඇති බවත්, එය බොහෝ විට 2018 වසරේ දී ලබාගත් ඉහළම අදායම අභිබවා යනු ඇති බවත්, බලාපොරොත්තු වෙනවා.