රජය හා ජාත්‍යන්තර මූල්‍ය අරමුදල අතර ගිවිසුම සංශෝධනය කරයි
රජය හා ජාත්‍යන්තර මූල්‍ය අරමුදල අතර ගිවිසුම සංශෝධනය කරයි
ආණ්ඩුවේ ප්‍රතිපත්ති ප්‍රකාශය පිළිබඳ විවාදයට එක් වෙමින් සභානායක අමාත්‍ය බිමල් රත්නායක මහතා සදහන් කලේ රජය හා ජාත්‍යන්තර මූල්‍ය අරමුදල අතර ගිවිසුම සංශෝධනය කර ඇති අතර ඊට අදාල කරුණු ඉදිරි අයවැය මඟින් ප්‍රකාශ කරන බවයි.
ඒ මහතා වැඩිදුරටත් පැවසුවේ
“අපි කිව්වේ ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ ඒ රාමුව තුළ සිටිමින් තමා ඊළඟ අවුරුදු තුනේදි අපිට කටයුතු කරන්න වෙන්නේ. ඒ ඇතුළේ අපි සංශෝධන කරන්න බලාපොරොත්තු වෙනවා. ඔව් සංශෝධන කරලා තිබෙනවා. ඔවුන් සමග සාකච්ඡා කරලා, සංශෝධන ඉදිරිපත් කරලා තියෙනවා. ඒ සංශෝධනවල කරුණු රටේ ජනතාවට අයවැය තුළින් දැනගන්න පුළුවන්.
පාර්ලිමේන්තුවට තමා තිබෙන්නේ මුදල් බලය. අද්දැකීම් බහුල රනිල් වික්‍රමසිංහ හැමතැනම කිව්වා අපි බොරු කිව්වා වැට් එක අඩුකළේ නෑ කියලා. වැට් එක අඩුකරන්න ඕනේ. වැට් එක අඩුකරනවා. ඒක අඩුකරන්න පුළුවන් කාටද? ඒක මුදල් පනතක්. එතුමා අපේ අගමැතිනිට ටියුෂන් දෙන්නත් හැදුවානේ. බදු අඩුකරන්න පුළුවන් පාර්ලිමේන්තු පනතකින් විතරයි. පළමු සැලස්ම අයවැය සමග ක්‍රියාත්මක කරනවා”