ඊළම නම් මගේ මාතෘ භූමියයි
ඊළම නම් මගේ මාතෘ භූමියයි
‘ගරු කතානායකතුමනි, ගරු පාර්ලිමේන්තු මන්ත්‍රීවරුනි, ඊළම නම් මගේ මාතෘ භූමියේ ආදරණීය පුරවැසියනි, මගෙ පනටත් වඩා උසස් අපේ ජනතාව බේරගන්න දෙමළ විරුවා හිටියා නම් ඔහු නායකයා නැත්නම් ඔහු දෙවියෝ ,
මෙසේ පාර්ලිමේන්තුව ඇමතීම ආරම්භ කළ යාපනය දිස්ත්‍රික් ස්වාධීන පාර්ලිමේන්තු මන්ත්‍රී රාමනාදන් අර්චුනා මහතා වැඩිදුරටත් පැවසූයේ තම ජීවිතයේ වටිනාකම පවා නොසිතමින් ජීවිත නැති වුණු අයට ආචාර කරමින් මම සිහිපත් කරනවා ඒ වගේම යුද්ධයෙන් ජීවිත නැති වුණු දෙමළ සිංහල මුස්ලිම් තරුණයන් මෙන්ම විශේෂයෙන් රෝහණ විජේවීර හා සෙසු සහෝදරයෙන්ද මම ආචාර කරමින් සිහිපත් කරනවා’
තම පියා 1966 ශ්‍රි ලංකා පොලිසියේ පාපන්දු කණ්ඩායමේ නායකයා ලෙස හිටි බවද පැවසූ ඔහු අසූ තුනේ ලංකාවේ ඇති වූ තත්ත්වයත් මත තම පවුලට යාපනයට යන්නට සිදුවූ බවද පැවසුවේය.
එදින පටන් එල්ටීටීඊ සංවිධානයේ පොලිසියේ දශක දෙකක් සේවය කරමින් සිටි බවත් හෙතෙම කීය.