ජය ශ්‍රී මහා බෝධියේ රාජකාරි කරමින් සිටි පොලිස් කොස්තාපල්වරියකට ලිංගික අතවරයක්
ජය ශ්‍රී මහා බෝධියේ රාජකාරි කරමින් සිටි පොලිස් කොස්තාපල්වරියකට ලිංගික අතවරයක්
තමන් ජය ශ්‍රී මහා බෝධියේ උඩමළුවේ රාජකාරි කරමින් සිටින අත රවාරයේදී එහි පැමිණි සැකකාර උප පොලිස් පරීක්ෂකවරයා තමන්ට ලිංගික අතවරයක් සිදු කළ බවට 29 හැවිරිදි පොලිස් කොස්තාපල්වරියක් පවසනවා.
එම සිද්ධිය සම්බන්ධයෙන් පොලිස් කොස්තාපල්වරිය උඩමළුව පොලිසියේ ස්ථානාධිපතිවරයාට පැමිණිලි කිරීමෙන් පසු සිද්ධියට සම්බන්ධව උප පොලිස් පරීක්ෂකවරයකු අත්ත්අඩංගුවට ගත් බව අනුරාධපුර කොට්ඨාස අපරාධ විමර්ශන අංශය පවසයි.
මෙලෙස සැකපිට අත්අඩංගුවට ගෙන ඇත්තේ අනුරාධපුර උඩමළුව පොලිස් ස්ථානයට අනුයුක්තව සේවය කරන අනුරාධපුර විජයපුර ප්‍රදේශයේ පදිංචි 57 හැවිරිදි උප පොලිස් පරික්ෂකවරයෙකි.