සොරාගත් වත්කම් අයකර ගැනීම ඇතුළු නව පනත් කෙටුම්පත් තුනක් පාර්ලිමේන්තුවට
සොරාගත් වත්කම් අයකර ගැනීම ඇතුළු නව පනත් කෙටුම්පත් තුනක් පාර්ලිමේන්තුවට
ජනාධිපතිවරයා විසින් ඉදිරිපත් කරන ලද රජයේ ප්‍රතිපත්ති ප්‍රකාශය පිළිබඳ කල් තැබීමේ විවාදයට එක්වෙමින් අධිකරණ අමාත්‍ය හර්ෂණ නානායක්කාර මහතා පැවසූයේ සොරාගත් වත්කම් අයකර ගැනීම, මුදල් විශුද්ධිකරණය, මත්ද්‍රව්‍ය ජාවාරම් සහ ඒ ආශ්රිත දුරාචාර වැලැක්වීම අරමුණු කරගත් පනත් කෙටුම්පත් තුනක් ලබන වසරේ මුල් කාර්තුව තුළ පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමට රජය සැලසුම් කර ඇති බවයි.
මෙම පනත් කෙටුම්පත් තුන ඉදිරිපත් කිරීමේ අදහස වන්නේ සොරකම් කළ වත්කම් නැවත අයකර ගැනීම, අපරාධවලින් ලැබෙන මුදල් සොයා ගැනීම සහ මුදල් විශුද්ධිකරණය, මත්ද්‍රව්‍ය ජාවාරම් සහ ඒ හා සම්බන්ධ සියලු කටයුතු මැඩලීම බව අමාත්‍යවරයා වැඩිදුරටත් පැවසීය.