ලබන වසරේ මුල සිට වාහන ආනයනයට අවසර
ලබන වසරේ මුල සිට වාහන ආනයනයට අවසර
දැනට වාහන ආනයනයේ දී රජය විසින් පනවා ඇති බදු වල සුළු වෙනසක් පමණක් සිදුකිරීමට නියමිතව ඇති බව රජයේ ආරංචි මාර්ග වාර්තා කරයි. ඉදිරි වසරේ මුල් කාර්තුව ඇතුලත වාහන ආනයනය කිරීම සාමාන්‍ය පරිදි ආරම්භ කිරීමට මූලික කාර්යයන් මේ වන විටත් සිදු වෙමින් පවතින අතර ඒ හරහා රජයට බදු ආදායම් උත්පාදනය කර ගැනීම රජයේ ප්රමුඛ අපේක්ෂාවකි.
කෙසේ වෙතත් විදේශ සංචිත සඳහා ගැටලුවක් ඇති නොවන පරිදි නියාමනයකට යටත්ව වාහන ආනයනය කිරීමේ කටයුතු කිරීමට නියමිතය.
දැනට ශ්‍රී ලංකාව තුළ වාහනයක් අලෙවි වන්නේ නිෂ්පාදකයාගේ මිල මෙන් තුන් ගුණයකට පමණ ආසන්න මිලකට වන අතර නැවූ ගාස්තු, ආනයනකරුගේ ලාභය හැරැනු විට ඉතිරි සියලු මුදල් රජයේ බදු ලෙස අය කරයි.