පාර්ලිමේන්තුව අදත් රැස්වෙයි

පාර්ලිමේන්තුව අදත් රැස්වෙයි

රජයේ ප්‍රතිපත්ති ප්‍රකාශයට අදාළ යෝජනාව පිළිබඳ පාර්ලිමේන්තු විවාදය අද දිනය‍ේදීත් පැවැත්වීමට නියමිතයි. අදාළ යෝජනාව පිළිබඳ පාර්ලිමේන්තු විවාදය ඊයේ දිනයේ ආරම්භ වූ අතර, පක්ෂ විපක්ෂ මන්ත්‍රීවරුන් රැසක් ඊයේ අදහස් පළ කළ අතර අද දිනයේත් පෙරවරු 9.30 සිට සවස 5.00 දක්වා එම විවාදය පවත්වා පස්වරු 5.00ට ඒ සම්බන්ධයෙන් ඡන්ද විමසීමක් ද පැවැත්වීමට නියමිතව ඇත

පක්ෂ නායක රැස්වීමේදී ගත් තීරණයක් අනුව, අධික වර්ෂාවත් සමග ඇති වූ ආපදා තත්ත්වය පිළිබඳ කල් තැබීමේ විවාදයක් ද අද පස්වරු 5.30 සිට රාත්‍රි 9.30 දක්වා පැවැත්වීමට නියමිතයි.