ගිනි අවි නිකුත් කිරීම සම්බන්ධයෙන් ආරක්ෂක අමාත්‍යාංශයෙන් විශේෂ දැනුම්දීමක්
ගිනි අවි නිකුත් කිරීම සම්බන්ධයෙන් ආරක්ෂක අමාත්‍යාංශයෙන් විශේෂ දැනුම්දීමක්
ගිනි අවි නිකුත් කිරීම සම්බන්ධයෙන් ආරක්ෂක අමාත්‍යාංශය විශේෂ දැනුම්දීමක් සිදුකර තිබෙනවා. ඒ ආත්මාරක්ෂාව සඳහා ගිනි අවි නිකුත් කිරීමේදී එක් අයෙකුට එක් අවියක් බැගින් ලබා දීමටයි.
ඒ අනුව පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ට, පළාත සභා මන්ත්‍රීවරුන්ට, දේශපාලන පක්ෂ නායකයින්ට, දේශපාලන සංවිධානවලට සහ විධායක ශ්‍රේණියේ සිවිල් සේවකයන්ට මෙම ගිනි අවි සහ පතොරම් නිකුත් කර තිබෙන බවයි වාර්තා වුනේ.
මෙතෙක් නිකුත්කර ඇති ගිනි අවි සහ පතොරම් 2024 දෙසැම්බර් 30 වැනිදාට පෙර ළඟම ඇති පොලිස් ස්ථානය වෙත භාරදෙන ලෙසයි පසුගිය දිනෙක ආරක්ෂක අමාත්‍යාංශය නිවේදනයක් මගින් දැනුම්දී සිටියේ.