ගංවතුර නිසා හානි සිදුවූ වගා බිම් සඳහා වන්දි ලබාදෙයි

ගංවතුර නිසා හානි සිදුවූ වගා බිම් සඳහා වන්දි ලබාදෙයි

ගංවතුර තත්ත්වය නිසා හානි සිදුවූ කුඹුරු ඇතුළු වගා බිම් සඳහා මේ වසර අවසන් වීමට පෙර වන්දි ලබාදෙන බව කෘෂිකාර්මික හා ගොවිජන රක්ෂණ මණ්ඩලය පවසනවා.

අක්කරයකට උපරිමය රුපියල් 40,000ක් වන සේ වන්දි ලබාදීමට බලාපොරොත්තු වන අතර ගොවි බිම්වලට වූ හානි පරීක්ෂා කිරීම මේ වනවිට ආරම්භ කර ඇති බවත්, ඒ සඳහා කණ්ඩායම් 15 ක් අනුයුක්ත කර ඇති බවයි කෘෂිකාර්මික හා ගොවිජන රක්ෂණ මණ්ඩලයේ සභාපති ප්‍රේමසිරි ජාසිංහආරච්චි මහතා පවසන්නේ.