බන්දුල ගුණවර්ධන අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට කැදවයි

බන්දුල ගුණවර්ධන අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට කැදවයි

සීනි සඳහා පනවා තිබූ විශේෂ වෙළඳ භාණ්‌ඩ බද්ධ රුපියල් පනහ සිට ශත 25 දක්වා අඩු කිරීමෙන් රජයට ලැබිය යුතු ආදායම අහිමි කරන ලදැයි කියන සිදුවීමක් සම්බන්ධයෙන් හිටපු අමාත්‍ය බන්දුල ගුණවර්ධන මහතා  අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට කැඳවා ඇත.

ගෝටාභය රාජපක්‍ෂ රජයේ වෙළඳ වාණිජ හා ආහාර සුරක්ෂිත අමාත්‍යවරයා ලෙස බන්දුල ගුණවර්ධන මහතා කටයුතු කර තිබූ අතර ඔහුව  අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට කැඳවා ඇත්තේ සීනි ආනයනයේදී බදු වංචාවක් සිදුව ඇතැයි ලැබී ඇති පැමිල්ල මත සිදුවන පරීක්ෂණයකට අදාළව ප්‍රකාශ සටහන් කර ගැනීම සඳහායි.