අස්වැසුම දීර්ඝ කරයි

අස්වැසුම දීර්ඝ කරයි

සෞඛ්‍ය ඇමැති නලින්ද ජයතිස්ස මහතා රජයේ ආර්ථික ප්‍රතිපත්ති ප්‍රකාශය පිළිබඳ පාර්ලිමේන්තු විවාදයට එක්වෙමින් පැවසූයේ අස්වැසුම සුබසාධන වැඩසටහන දීර්ඝ කිරීමට ඇමැති මණ්ඩලය තීරණය කළ බවයි.

ඒ අනුව දෙසැම්බර් 31 වන විට ආධාර නතර කිරීමට නියමිතව සිටි සංක්‍රාන්ති කාණ්ඩයේ පුද්ගලයන් ලක්ෂ 4කට මාර්තු 31 දක්වා අඛණ්ඩව ආධාර ලැබෙන අතර දැනට රුපියල් 15,000ක් ලබන අන්ත දරිද්‍රතා කාණ්ඩයේ පුද්ගලයන් ලක්ෂ 4කට ඒ වෙනුවට රුපියල් 17,500ක් ද අවදානම් කාණ්ඩයේ පුද්ගලයන් 400,000  කට දැන් ලබාදෙන රුපියල් 8,500 රුපියල් 10,000 දක්වා  වැඩි කරන බව. සෞඛ්‍ය ඇමැති නලින්ද ජයතිස්ස පාර්ලිමේන්තුවේදී ප්‍රකාශ කළේය.

මෙම තීරණය ඊයේ රැස්වූ කැබිනට් මණ්ඩලය ගෙන ඇති අතර ලබන වසරේ ඉදිරිපත් කිරීමට නියමිත අයවැයෙන් වැඩිහිටි දීමනාව, වකුගඩු රෝගි දීමනා, ආබාධිත පුද්ගල දීමනා වැනි අනෙකුත් සුබසාධන ගෙවීම් ද වැඩි කරන බව ඇමැති ජයතිස්ස පැවසීය.