පාසල් සංවර්ධන නිලධාරීන්ගේ මාරුවීම් අත්හිටුවයි
පාසල් සංවර්ධන නිලධාරීන්ගේ මාරුවීම් අත්හිටුවයි
අධ්‍යාපන හා උසස් අධ්‍යාපන නියෝජ්‍ය අමාත්‍ය වෛද්‍ය මධුර සේනාරත්නගේ ප්‍රධානත්වයෙන් පාසල් සංවර්ධන නිලධාරී සංගම් කිහිපයක නියෝජිතයින් පිරිසක් සමග පැවති සාකච්ඡාවකින් අනතුරුව පාසල් සංවර්ධන නිලධාරීන් රජයේ වෙනත් කාර්යාල වෙත අනුයුක්ත කිරීම අත්හිටුවීමට අධ්‍යාපන අමාත්‍යාංශ ලේකම් නාලක කළුවැව සහතික වී තිබෙනවා.
සංවර්ධන නිලධාරීන් ගුරු සේවයට බඳවා ගැනීමේදී ශ්‍රේෂඨාධිකරණය පෙන්වා දී ඇති පරිදි රාජ්‍ය සේවා කොමිෂන් සභාවේ නිර්දේශයන්ට යටත්ව ක්‍රියා කළ යුතු බව එහිදී පෙන්වා දී ඇති අතර පාසල් සංවර්ධන නිලධාරීන් මෙන්ම උපාධිධාරීන් ගුරු සේවයට අන්තර්ග්‍රහණය කිරීම පිළිබඳ මතුව ඇති ගැටලුව පිළිබඳව එහිදී දීර්ඝව සාකච්ඡා කර ඇත.
ඒ අනුව තරග විභාගයක් පවත්වා බඳවා ගැනීම් සිදුකළ යුතු බවත් එහිදී වයස් සීමාව උපරිම අවුරුදු 45ක් දක්වා සලකා බැලීමට හැකි බවයි අවධාරණය කර තිබෙන්නේ.