ඉන්ධන මිල අඩුකළ ආකාරයටම ආහාර ද්‍රව්‍ය වල මිල අඩු කරනවා

ඉන්ධන මිල අඩුකළ ආකාරයටම ආහාර ද්‍රව්‍ය වල මිල අඩු කරනවා

නියෝජ්‍ය ඇමති නලින් හේවගේ මහතා පවසන්නේ අමාත්‍යවරුන්ට වාහනයක් නැතිව බැරි බවත් ඉතා සරල වාහනයක් භාවිතා කළ යුතු බවයි. ජනාධිපතිවරයා ඇතුළු සියලු අමාත්‍යවරු අද වන විට නිල නිවාස නොගෙන සරල වාහනයක් ලබාගෙන තම රාජකාරී කටයුතු කරන බවද හෙතෙම පවසයි.

ඉන්ධන මිල අඩුකළ ආකාරයටම ඉදිරි අයවැයේදී ආහාර ද්‍රව්‍ය මත පනවා ඇති බදුද අඩු කරන බව නියෝජ්‍ය ඇමති නලින් හේවගේ මහතා සඳහන් කරයි.

ගාල්ල ප්‍රදේශයේදී මාධ්‍ය අමතමින් ඒ මාතා මෙම අදහස් පළ කළේය.