මන්නාරම සුළං විදුලි බලාගාර ව්‍යාපෘතිය අත්හිටුවයි

මන්නාරම සුළං විදුලි බලාගාර ව්‍යාපෘතිය අත්හිටුවයි

වාණිජ මණ්ඩලයේ ලේකම් ලක්මාල් ප‍්‍රනාන්දු මහතා පවසන්නේ ඉන්දීය ව්‍යාපාරික ගෞතම් අදානිට අයත් සමාගම් විසින් ආරම්භ කිරීමට නියමිතව තිබූ මන්නාරම සුළං විදුලි බලාගාර ව්‍යාපෘතිය ක්‍රියාත්මක නොකරන බව ජනාධිපති අනුර දිසානායක මහතා සඳහන් කළ බවයි.

මෙරට විදුලි උත්පාදනය විදේශීය සමාගම්වලට නතු වීම අනතුරුව දායක බව පවසන ඒ මහතා  ගෞතම් අදානිට අයත් සමාගමට වඩා අඩු මිලට විදුලිය සැපයීමට දේශීය සමාගම් තුනක් එකඟතාවය පළකර  ඇති බව පවසයි.

ස්වභාවික බලශක්ති උත්පාදනයට නවීන තාක්ෂණය යොදාගැනීමෙන් සහ න්ධන භාවිතය අඩුකර වෙනත් පුනර්ජනනීය බල ශක්තිය සඳහා යොමු වීමෙන් විදුලිය නිපදවීම යන මිල අඩු කර ගත හැකි බව හෙතෙම තවදුරටත් කියා සිටියේය.