ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත යටතේ තිදෙනෙක් අත්අඩංගුවට

ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත යටතේ තිදෙනෙක් අත්අඩංගුවට

දිවයිනේ තහනම් සංවිධානයක් වන එල්.ටී.ටී.ඊ සංවිධානයේ නායක වන වේලුපිල්ලේ ප්‍රභාකරන්ගේ රුව සහිත ජායාරූප හා වීඩියෝපට ෆේස්බුක් සමාජ ජාලා ගිණුමක් මගින් සංසරණය කිරීම මෙන්ම මීට පෙර වර්ෂයන්වලදී එල්.ටී.ටී.ඊ සංවිධානයේ මහාවිරු සැමරුම්වලදී ලබාගත් පැරණි වීඩියෝපට මෙම වර්ෂයේ සිදුකරන ලද සැමරුම් ලෙස හුවා දක්වමින් ෆේස්බුක් සමාජ මාධ්‍යජාලයේ සංසරණය කිරීම යන චෝදනා මත සැකකරුවන් තිදෙනෙකු අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් අත්අඩංගුවට ගෙන තිබේ.

පොලීසිය පැවසුවේ අත්අඩංගුවට ගත් සැකකරුවන් අවුරුදු 28, 35 හා 45 වයස්වල පසුවන මරදාන, චුන්නාකම් හා බද්දේගම ප්‍රදේශවල පදිංචිකරුවන් බවය.

මෙම සැකකරුවන් දණ්ඩ නීති සංග්‍රහයේ 120 සහ 1979 අංක 48 දරණ ත්‍රස්තවාදය වැළැක්වීමේ තාවකාලික විධිවිධාන පනතේ 27 වන වගන්තිය ප්‍රකාරව අත්අඩංගුවට ගෙන තිබේ.

සිද්ධිය සම්බන්ධයෙන් අපරාධ පරික්ෂණ දෙපාර්තමේන්තුව හා ත්‍රස්ත විමර්ශන කොට්ඨාසය මගින් වැඩිදුර විමර්ශන කරනු ලබයි.