වන අලි පහරදීමකින් කාන්තාවක් ජීවිතක්ෂයට
වන අලි පහරදීමකින් කාන්තාවක් ජීවිතක්ෂයට
අනුරාධපුර ගලෙන්බිඳුණුවැව පොලිස් වසමට අයත් අංක 192 පඩිකාරමඩුව ග්‍රාම සේවා වසමේ මහසෙන්ගම ප්‍රදේශයේ දී සිවු වූ වන අලි පහරදීමකින් කාන්තාවක් ජීවිතක්ෂයට පත්ව තිබෙනවා.
මෙලෙස වන අලි පහරදීමෙන් ජීවිතක්ෂයට පත්ව ඇත්තේ එම ප්‍රදේශයේ පදිංචි වයස අවුරුදු 69 ක කාන්තාවක් බව ගලෙන්බිඳුණුවැව පොලිසිය පවසනවා.
මෙම කාන්තාව ඊයේ 29 දින සවස මරණාධාර සමිතියට සහභාගී වී එය නිමවීමෙන් අනතුරුව නිවස බලා යමින් සිටියදී මෙම වන අලි පහරදීමට ලක්ව ඇති බව වැඩිදුරටත් පොලිසිය පවසනවා.
වන අලි පහරදීමට ලක් වූ කාන්තාව ප්‍රදේශවාසීන් එක්ව ත්‍රීරෝද රථයක් ආධාරයෙන් යකල්ල හුරුළුවැව ප්‍රාදේශීය රෝහලට ඇතුළත් කිරීමෙන් අනතුරුව වැඩි දුර ප්‍රතිකාර සදහා අනුරාධපුර ශික්ෂණ රෝහල වෙත යවා තිබෙනවා.
රෝහල් ගත කිරීමෙන් අනතුරුව මෙම කාන්තාව මියගිය බවට වැඩිදුරටත් පොලිසිය පවසනවා.
සිද්දිය සම්බන්ධයෙන් වැඩිදුර විමර්ශන ගලෙන්බිඳුණුවැව පොලිසිය සිදුකරනු ලබනවා